බ්‍රහස්පතින්දා, 02 නොවැම්බර් 2023 06:29

රැමිස් ව්‍යාපෘතිය ලබන මස සිට-මුදල් රාජ්‍ය ඇමැති Featured

බදු හා සම්බන්ධ සියලු කටයුතු වඩාත් නිවැරදී හා කාර්යක්ෂම ආකාරයෙන් සිදුකිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන බදු හා සම්බන්ධ කටයුතු විද්‍යුත්කරණය කිරීමේ රැමිස් ව්‍යාපෘතිය ලබන මාසයේ (දෙසැම්බර්) සිට ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය සහ වැවිලි ව්‍යවසාය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මෙම ව්‍යාපෘතිය 2013 වසරේදී ආරම්භ කළද, මේ හා සම්බන්ධ පනත් වරින්වර සංශෝධනය වීම , ව්‍යාපෘතිය නිම කිරීමට අවශ්‍ය අරමුදල් නොමැතිවීම වැනි කරුණු හේතුවෙන් ව්‍යාපෘතිය නිම කිරීමට දීර්ඝ කාලයක් ගත වුවද මේ වන විට එහි සියලු කටයුතු නිමවෙමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ වන විට රට තුළ ඇත්තේ එක් එක් පුද්ගලයන් හා ආයතන ලබාදෙන දත්ත මත පදනම්ව බදු අයකිරීමේ ක්‍රමවේදයක් බව සඳහන් කළ අමාත්‍යවරයා නව විද්‍යුත් ක්‍රමවේදය මගින් නිශ්චිත හා නිවැරදි දත්ත විද්‍යුත් ක්‍රමවේදයකට අනුව ගබඩා වීම තුළින් වඩාත් සාධාරණ හා නිවැරදි බදු ක්‍රමයක් ඇති වන බව කියයි.

මෙම නව ක්‍රමවේදය මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ , රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුව , ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ආදී ආයතන එකිනෙක සම්බන්ධවීම මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා බදු ගෙවන්නන් මාර්ග ගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ වීම හේතුවෙන් වැරදී සිදුවීම අවම වීමත් , බදු ගෙවන්නන්ට අවශ්‍ය තොරතුරු වහාම විද්‍යුත් ක්‍රමවේදයට අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබාගැනීමට අවස්ථාව සැලසීමත් සිදුවන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website