සිකුරාදා, 03 නොවැම්බර් 2023 11:43

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරියක් Featured

පනත් කෙටුම්පත ගැසට් කෙරේ

බලපත්‍ර නැති මූල්‍ය ගනුදෙනුවලට වැටබඳී
වරදක් කළොත් වසර 5ක් හිරේ
දඩය මිලියන 5යි


ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

මුදල් ණයට දීමේ සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර නියාමනය කිරීම සහ ඒවායේ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණ වී තිබේ.

මේ අධිකාරිය සඳහා නිල බලයෙන් මහ භාණ්ඩාගාරයේ, මහ බැංකුවේ සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පත් වන අතර මුදල් අමාත්‍යවරයාට සහ මහ බැංකු අධිපතිවරයාට නියෝජිතයන් දෙදෙනකු බැගින් හතරදෙනකු පත් කළ හැකි වේ.

මෙම අධිකාරිය පිහිටුවීමෙන් පසු බලපත්‍රයක් නොමැතිව පුද්ගලයකුට මුදල් ණයට දීමේ ව්‍යාපාර සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර පවත්වාගෙන යෑමට නොහැකි වනු ඇත.

එසේම මෙම පනත සම්මත කිරීමෙන් පසු වරදක් සිදුකරනු ලබන අයකු මහෙස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කර වරදකරුවකු වුවහොත් රු. මිලියන පහක් නොඉක්මවන දඩයකට හෝ අවුරුදු පහක් නොඉක්මවන කාලයක් සඳහා සිර දඬුවමකට ද යටත් කළ හැකිවනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website