ඉරිදා, 05 නොවැම්බර් 2023 08:06

විදුලිය දින දහයෙන් කෝටි 300ක් උපයලා Featured

විදුලි ගාස්තු ඉහළ දමා දින දහයකදී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි තුන්සියයක් උපයාගෙන ඇතැයි ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ ලේකම් ලක්මාල් ප්‍රනාන්දු මහතා ‘දිවයින’ට පැවසීය.

හදිසි මිලදී ගැනීම් යටතේ ගිගාවොට් පැය නවසිය අනූවක් ලබා ගැනීමට විදුලිබල මණ්ඩලය සැලසුම් කර තිබුණත් ජල විදුලි නිෂ්පාදනය උපරිමයට ළඟාවීම නිසා ඉකුත් මාසයේ ඩීසල් බලාගාරවලින් මිලදී ගෙන ඇත්තේ ගිගාවොට් පැය අසූවක විදුලියක් පමණක් යැයි ද ඒ මහතා කීය.

ඒ අනුව පෞද්ගලික ඩීසල් බලාගාර සඳහා වැය කිරීමට තිබූ රුපියල් කෝටි 1700ක (බිලියන 17) මුදලක් ලංවිමට ඉතිරිකර ගැනීමට හැකි වී තිබේ.

ඒ අනුව ඉකුත් මාසයේදී විදුලි ගාස්තු වැඩිකිරීම හා පුද්ගලික බලාගාරවලට ගෙවීමට තිබූ මුදල් ඉතිරිවීමෙන් ලංවිම රුපියල් කෝටි දෙදහසක (බිලියන 20) ආදායමක් උපයාගෙන ඇත. දැනට කර තිබෙන ගණනය කිරීම්වලට අනුව ලංවිම ගෙවී ගිය මාසයේ රුපියල් බිලියන දෙකක (කෝටි 200) ශුද්ධ ලාබයක් ලබා ඇතැයි ද ලක්මාල් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

ශිරාන් රණසිංහ

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website