බදාදා, 08 නොවැම්බර් 2023 09:50

අලූත් ආයෝජන පනතක් එයි Featured

ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට සහ ශ්‍රී ලංකාවේ නව ආයෝජන පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආයෝජන සහ අපනයන ප්‍රවර්ධනය සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීම පිණිස සවිමත් යාන්ත්‍රණයක් පැවතීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධ කරමින් නව ආයතනයක් ස්ථාපිත කිරීම පිණිස 2023.1.16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව එම කාර්යය සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස අදාල ක්ෂේත්‍රවල විශේෂඥතාව සහිත පුද්ගලයන්ගෙන් සමන්විත අපනයන හා ආයෝජන පිළිබඳ අධීක්ෂණ කමිටුවක් ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත කර ඇතැයි රජය පවසයි.

එකී කමිටුව විසින් අදාල කරුණු අධ්‍යයනය කර නව ආයතනික ව්‍යුහයක් පිහිටුවීම සඳහා වන යෝජනා ඉදිරිපත් කර ඇති අතර එකී යෝජනා මත පදනම නව ආයෝජන සහ අපනයන ප්‍රවර්ධන ආයතනික සැලැස්මක් හඳුන්වා දීමටත් ඒ යටතේ ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව සහ ඒ ආශ්‍රිත ඒකක ආයතනිකව පිහිටුවීම ආරම්භ කිරීමටත් අදාල පියවර ගැනීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

(අංජුල මහික වීරරත්න)

 

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website