බදාදා, 08 නොවැම්බර් 2023 09:53

මත්පැන් සමාගම්වල බදු පොල්ල රාජ්‍ය ඇමති හෙළි කරයි Featured

මත්පැන් සමාගම් පහක් රුපියල් කෝටි 672 කට වැඩි බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසීය.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

බදු පමා වන සෑම මාසයකටම සියයට 3 ක බද්දක් අය කරන හෙයින් කෝටි 400ක ප්‍රමාද ගාස්තු එකතුවී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

මෙම සමාගම් වසා දැමීමෙන් එම බදු අය කර ගත නොහැකි වන බව පැවසූ සියඹලාපිටිය මහතා බදු ගෙවීම සඳහා ඒ සමාගම්වලට දෙසැම්බර් 29 තෙක් කල්දී ඇතැයිද ප්‍රකාශ කළේය.

ඉන්පසු බලපත්‍ර කාලය දීර්ඝ නොකිරීමටත් අධිකරණ ක්‍රියාමාර්ග වලට යෑමටත් කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

සුරා බදු වංචා වැළැක්වීමට වැඩිම ක්‍රියාමාර්ග ගත් යුගය මෙය බවද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

මත්පැන් බෝතල් සඳහා ස්ටිකරය හඳුන්වාදීම විප්ලවකාරී පියවරක් බව පැවසූ අමාත්‍යවරයා එහි ප්‍රශ්න තිබෙන බවද සඳහන් කළේය.

ස්ටිකරය හරියාකාරව ක්‍රියාත්මක කළොත් රාජ්‍ය ආදායම විශාල වශයෙන් ඉහළ නැංවිය හැකි බවද ඔහු සඳහන් කළේය.

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website