බ්‍රහස්පතින්දා, 09 නොවැම්බර් 2023 08:45

ලංකවේ උතුරේ ජනතාවට අඛණ්ඩව සහාය දෙනවා..- චීනය Featured

උතුරේ ජනතාවට චීන රජය විසින් අඛණ්ඩව සහන ලබා දෙන බවට ශ්‍රීලංකාවේ චීන තානාපති සී සෙන් හොන් මහතා යාපනයේදී පවසා සිටියේය.

ඒ මහතා ඒ බව කියා සිටියේ යාපනයේ සහනිල සංචාරයක් මන්නාරමේදී පසුගිය දින කිහිපය තුලදී ශ්‍රීලංකවේ චීන තානාපති ඇතුලු දූත පිරිස යාපනය දිස්ත්‍රීක්කයන්හි සංචාරයක නිරත වූ අවස්ථාවේදීය.

චීන තානාපතිවරයා විසින් යාපනයේ ආගමික නායකයින් හමුවීමෙන් පසුව යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී උතුරේ ධීවරයින් වෙනුවෙන් ධීවර ආම්පන්න ඇතුලු ජනතාවට වියලි ආහාර දුව්‍ය ලබාදුන් අතර පසුව යාපනය දිස්ත්‍රීක්කයේ පුරාවිද්‍යාත්මක ස්ථාන රැසක නිරීක්ෂණ චාරිකාවේ නිරත වූහ.

අනතුරුව මන්නාරම වංකාලෙයි ප්‍රදේශයේදී යුදහමුදාවේදී සහභාගීත්වයෙන් මන්නාරමමේ නැවත පදිංචි ධීවර පවුල් වෙනුවෙන් වියලි ආහාර දුව්‍ය සහ ධීවර ආම්පන්න ලබාදීම සිදුවිය.

චීන රජයෙන් පහසුකම් ලබාදීමේ මූලික අදියරක් වශයෙන් උතුරෙන් ආරම්භ කල වැඩසටහන ඉදිරියේදී තවත් සහන රැසක් ලබා දීමට චීන රජය පියවර ගන්නා බවටද ශ්‍රීලංකාවේ චීන තානාපති සී සෙන් හොන් මහතා වැඩිදුරටත් යාපනයේදී පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website