සිකුරාදා, 10 නොවැම්බර් 2023 10:10

විදෙස් සංචිත ඩොලර් මිලියන 3562 දක්වා ඉහළට Featured

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඉකුත් ඔක්තෝබර් මස අග වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 3562 දක්වා ඉහළ ගොස් ඇත.

මෙය පසුගිය සැප්තැම්බර් මස අගදී පැවති ඇමරිකානු ඩොලර් මිලියන 3540 ක නිල සංචිත වත්කම් අගයට සාපේක්ෂව සියයට 0.6 ක සුළු වර්ධනයකි.

මෙම නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය ඇමෙරිකානු ඩොලර් මිලියන 3499 ක් වේ.

ගිය වසරේ (2022) ඔක්තෝබර් මස අගදී පැවතියේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1705 ක් තරම් ඉතා අඩු සංචිත වත්කම් ප්‍රමාණයකි.

මේ අගයට චීනයෙන් ලැබී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් වන විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත් අතර එය භාවිතා කිරීමට හැකි වනුයේ කොන්දේසිවලට යටත්වය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website