බදාදා, 22 නොවැම්බර් 2023 10:44

සීනි මිල ගැසට්ටුව අහෝසියි Featured

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

සුදු සීනි පැකට් නොකළ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 275ක් සහ පැකට් කළ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 295ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් ඉකුත් 03 වනදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.එසේම දුඹුරු සීනි පැකට් නොකළ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 330ක් සහ පැකට් කළ කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල්350ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබුණි.නව ගැසට් නිවේදනය මගින් එම මිල ගණන් ඉවත් කර තිබේ.

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website