සිකුරාදා, 01 දෙසැම්බර් 2023 04:39

පියැසි මත සූර්ය පැනල යටතේ විදුලි ඒකක මිලියන 483 ක් ජාතික පද්ධතියට Featured

පියැසි මත සූර්ය පැනල යටතේ විදුලි ඒකක මිලියන 483 ක් ජාතික පද්ධතියට

ලංවිම විදුලි පාරිභෝගිකයන් සඳහා ක්‍රියාත්මක කරන ලද පියැසි මත සූර්ය පැනල සවිකිරීමේ ක්‍රමවේදය (Rooftop Solar Scheme) යටතේ 2023 ජනවාරි සිට සැප්තැම්බර් 30 දක්වා (2023 Quarter 3) විදුලි ඒකක මිලියන 483 ක් (483 million units) ජාතික පද්ධතියට එක් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සතුටින් දැනුම් දෙමු.

ඒ අනුව, රට පුරා විසිරී සිටින අපගේ පාරිභෝගික භවතුන් විසින් මෙම  සුවිශේෂී ජාතික කාර්ය සඳහා ඔවුන්ගේ සහයෝගය ලබා දී ඇත. මෙහිදී සාම්ප්‍රදායික විදුලිය පාවිච්චි කිරීමේ ක්‍රමයෙන් බැහැර ව නවතාක්ෂණික අත්දැකීමක් ලබාගනිමින්  ජාතික පද්ධතියට විදුලිය විකිණීමට  පාරිභෝගිකයින් යොමුවී තිබීම අගය කල යුතුය. (change from Consumer to Pro-sumer / පරිභෝජනයෙන් විදුලි ජනනයට යොමුවීම).

මෙහි දී විවිධ ඉංජිනේරුමය සහ තාක්ෂණික ගැටළු සඳහා විසඳුම් ලබාදෙමින් හැකි උපරිම ආකාරයෙන් සූර්ය පැනල පද්ධති ජාතික පද්ධතියට එකතු කිරීමට කටයුතු කරන, වි‌ශේෂයෙන් බෙදාහැරීම් අංශවල අපගේ කාර්ය මණ්ඩල‌යේ මෙහෙවර ද අගය කල යුතුය.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website