අඟහරුවාදා, 05 දෙසැම්බර් 2023 08:10

විදුලි ගාස්තු යලි ඉහලට.. Featured

එම සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් මහතා පෙන්වා දෙන්නේ ජනවාරි මාසයේ සිට වැට් බද්ද 18% තෙක් ඉහළ දැමීමත් සමඟ එය සෘජුව ඉන්ධන මත බලපාන බැවින් විදුලි ගාස්තුව ඉහළ යනු ඇති බවයි.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව පෙනී සිටින වෘත්තීය සමිති නායකයන් මර්දනය කිරීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බවට ද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කිරීමට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියේය.

මේ වන විට මෙරට විදුලි උත්පාදනය සඳහා ඩීසල් පිරිවැය රුපියලක් හෝ වැය නොවන බවද පැවසූ ඔහු එහි වාසිය රටේ ජනතාවට මෙතෙක් ලබා දී නැති බවටද චෝදනා කළේය.

CN

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website