×

පණිවුඩය

The previous listing was the first listing in the category. There are no listings before the previous listing. Click the back button in your browser to return to it, or browse another listing below.

අඟහරුවාදා, 05 දෙසැම්බර් 2023 08:15

මෙරට දුප්පතුන් ලක්‍ෂ 70ක් වෙලා.. Featured

“එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලට අනුව අපේ රට බහුමාන අර්බුද රැසකට මුහුණ දෙනවා. මෙරට දුප්පතුන් ප්‍රමාණය ලක්ෂ 30 සිට 70 දක්වා වර්ධනය වී ඇති බව ලර්න් ඒෂියා සංගණනයෙන් පෙන්වාදී තිබුනා.

ඉතිං මේ කඩා වැටුණු රට යළි ගොඩනංවන්නට ජනතාව සවිබල ගැන්විය යුතුයි. එසේ නොමැතිව විදෙස් ණය මත පමණක් රැදීමෙන් මේ ගැටළුවලට විසඳුම් සොයන්නට බැහැ” යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ, පසුගියදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවති සණස සම්මේලනය අමතමින්.

රටක් ලෙස අප සාර්ව ආර්ථික කෙරෙහි සෘජුව අවධානය යොමු කළත්, ක්ෂුද්‍ර ආර්ථිකය කෙරෙහි යොදන අවධානය ප්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා, ව්‍යාපාර හා කර්මාන්ත සම්බන්ධයෙන්ද අප නව මුහුණුවරකින් අවධානය යොමු කළ යුතු බවද කියා සිටියා.

මේ වන විට රටේ ආර්ථිකය තුළ පවතින්නේ වර්ධනයක් නොව පසුබෑමක් බැවින්, ආර්ථිකය කුඩාවී, ජන ජීවිත කුඩා වී ඇති තත්ත්වයක් තුළ ජනතාව මත දිගින් දිගටම බර පටවමින් විවිධ ජාත්‍යන්තර සංවිධාන ශක්තිමත් කිරීම, රටේ දිශානතිය නොවිය යුතු බවද අවධාරණය කළා.

රට පත්ව ඇති බංකොලොත් භාවයෙන් මිදීමට නම්, ලක්ෂ 220ම එකට එක්වී, රජයත්, ප්‍රජාවත් මෙන්ම අනෙකුත් බහුවිධ සංවිධානත් කිසියම් එකඟතා රාමුවක් තුළ වැඩපිළිවෙළක් සකස් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, කියා සිටියේ, පොදු ජනතාව අතරට ප්‍රාග්ධන ගලා ආ යුතු බවයි.

මෙම සමුළුවේදී සණස සමිති 1250ක් තුළින් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනක්ද ආරම්භ කෙරුණු අතර ඒ පිළිබඳව අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා අවධාරණය කළේ, එම සංකල්පය ගම්මාන 5000 කට සීමා නොකොට මුළු දිවයිනම ආවරණය කරමින්, ක්‍රියාවට නැංවීම තුළින් ග්‍රාමීය ආර්ථිකයටද ශක්තියක් ලැබෙන බවයි.

CN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website