සදුදා, 11 දෙසැම්බර් 2023 10:22

ඊයේ බැරිවුනු වැට් බද්ද අද සම්මත කරනවා.. Featured

පාර්ලිමේන්තුවට ඊයේ (10) ඉදිරිපත් කර තිබූ වැට්බදු පනත සම්මත කිරීම විපක්ෂය හිතා මතා කඩාකප්පල් කළද එය යළි අද (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

වැට් බදු පනත පාර්ලිමේන්තුවට යළි ඉදිරිපත් කරන්නේ මෙරට පවතින ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීමේ අරමුණින් බව අවධාරණය කරන ආන්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ආර්ථික අර්බුදයට විසඳුමක් ලබා ගැනීම සඳහා රජය කටයුතු කරමින් සිටියදී විපක්ෂය එය හිතා මතාම තඩාකප්පල් කිරීමට කටයුතු කිරීම පිළිබඳව කණගාටු වන බවද සඳහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව රට තුළ යම් ආර්ථික ස්ථාවරයක් ඇති කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව පැහැදිලිය. රට මුහුණ පා සිටින ආර්ථික බංකොලොත් භාවයෙන් රට මුදා ගැනීමට නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ඕනෑම අයෙක් පිළිගන්නා කරුණකි. එය මෙරට ආර්ථිකය ගොඩගැනීම සඳහා පිටිවහලක් වනු ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟතාවයෙන් කටයුතු කිරීමෙන් දැනට අඩාල වී ඇති මෙරට සංවර්ධන කටයුතු යළි ආරම්භ කිරීමට හැකි වනු ඇත. සංචාරක ව්‍යාපාරය යළි යථා තත්ත්වයට පත් වනු ඇති අතර මෙරට ආයෝජනය සඳහා විදෙස් ආයෝජකයන් යළි මෙරටට පැමිණිමටද මෙම එකඟතාවයන් ඉවහල් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ආණ්ඩුවට ඇතැම් අවස්ථාවන් වලදී ජනතාවගේ පැත්තෙන් සිතා ජනප්‍රිය නොවන තීන්දු ගැනීමටද සිදුවන බවත් ආණ්ඩුවකට හැමවිටම ජනප්‍රිය තීන්දු පමණක් ගත නොහැකි බවත් පෙන්වා දෙන ඇමතිවරයා වැට් බදු පනත සම්මත කර ගැනීම ජනප්‍රිය තීන්දුවක් නොවන බව දන්නා නමුත් එය සම්මත කර ගැනීමට කටයුතු කරන්නේ මෙරට ජනතාවගේ පැත්තෙන් සිතා බවද අවධාරණය කරයි.

සභාව කල් තැබීමෙන් අනතුරුව සභානායක සුසිල් ප්‍රේමජයන්ත් මහතා සහ තමන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද ඒ අනුව වැට් බදු පනත යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියි.

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website