ඉරිදා, 10 දෙසැම්බර් 2023 10:11

ජනවාරියේ විදුලි බිලේ වෙනසක් Featured

වර්ෂාව ලැබීමත් සමග ජල විදුලි උත්පාදනයෙන් විදුලිබල මණ්ඩලයට ලැබුණු වාසිය සැලකිල්ලට ගනිමින් විදුලි බිලට ලබන මාසයේ දී ගාස්තු සංශෝධනයක් ගෙන එන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.

එහිදී ඉන්දික අනුරුද්ධ මහතා මෙසේද පැවසීය.

මේ විදුලි බල පනත හදන්න අවුරුද්දක් තිස්සේ කමිටු පිහිටුවලා කටයුතු කළා. මන්ත්‍රීවරුන්ටත් ඒ ගැන කරුණු පැහැදිලි කළා. මෙය කොළේ වහලා හංගල කරන කටයුත්තක් නොවෙයි. විදුලි බිල අප්‍රේල් මාසයේ සංශෝධනය වෙන්න තිබිච්ච එක වර්ෂාව සමග විදුලි බල මණ්ඩලයට ලැබිච්ච වාසිය සැලකිල්ලට ගෙන ජනවාරි මාසයේදී සංශෝධනයක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ලබන සතියේ මේ ගැන සාකච්ඡාවක් තියෙනවා. විපක්ෂයේ ඔබතුමාලගේ දැනුම තියෙන අය ඒකට සම්බන්ධ කරන්න. එතනදි ඔබලාගේ අදහස දෙන්න. ඊට පස්සේ අපිට ඒ සංශෝධනය ජනවාරි මාසයේදී සිද්ධ කරන්න පුළුවන්.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

 

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website