ඉරිදා, 10 දෙසැම්බර් 2023 10:10

නිකන් ලැබුණු කෝටි 5 ක බෙහෙත් හිරවෙලා – සුභූති හිමියෝ කියති Featured

ඇමරිකාවේ සහ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට ආධාර ලෙස ලබාදී තිබෙන රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් ඖෂධ කන්ටේනර් දෙකක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (එන්. එම්. ආර්. ඒ.) අඩුපාඩුවක් නිසා නිදහස් කර ගැනීමට නොහැකිව රේගුවේ සිර වී ඇතැයි රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ රජවැල්ලේ සුභූති හිමියෝ කියා සිටිති.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් අදාළ ඖෂධ කන්ටේනර් දෙක නිදහස් කර ගැනීමට අවසර නොදීම නිසා ප්‍රමාද වන සෑම දිනකටම බහාලුම් ප්‍රමාද ගාස්තු ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට මුදල් ගෙවීමට සිදුවන බව ද උන්වහන්සේ කීහ.

රෝහල් සේවා මණ්ඩලය ලෙස ඉකුත් වසර දහයක කාලයේදී මෙරට රෝහල් සඳහා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට රුපියල් කෝටි පන්දහසකට අධික ඖෂධ හා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කර ඇතැයි ද රජවැල්ලේ සුභූති හිමියෝ පැවසූහ. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරට අසරණ රෝගීන් සඳහා රෝහල්වලට එවන ඖෂධ නිදහස් කර

ගැනීමට අවසර නොදීම පිළිබඳ ඔවුන් ද කනස්සල්ල පළ කරන බව ඒ හිමියෝ කීහ. රජයේ රෝහල්වලට බෙදා දීම සඳහා ඒවා තිබෙන මෙම ඖෂධ තොගය වරායෙන් නිදහස් කර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් හා සෞඛ්‍ය ඇමැතිවරයා සමග සාකච්ඡා කළ ද පලක් වී නැත.

ශිරාන් රණසිංහ

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website