සිකුරාදා, 15 දෙසැම්බර් 2023 09:48

ගෑස් එකටත් වැට් උෂ්ණය – රු.600 කින් නගින ලකුණු Featured

එකතු කළ අගය මත බදු (වැට් බද්ද) ජනවාරි 01 වැනිදා සිට සියයට දහඅටකින් ඉහළ දැමීමෙන් පසු එම බද්ද නිසා පමණක් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක (කිලෝග්‍රෑම් 12.5) මිල අවම වශයෙන් රුපියල් හයසියයකට ආසන්න මුදලකින් ඉහළ යනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

ලෝක වෙළෙඳපොළේ යම් මිල උච්චාවචනයක් සිදුවුවහොත් ඒ මිල ඉහළ යෑමේ ප්‍රතිශතය වෙනස් විය හැකි බවද එම නිලධාරියා කියා සිටියේය.

දැනට පවතින තත්ත්වය අනුව කිලෝග්‍රෑම් පහක ගෑස් සිලින්ඩරයක මිල වැට් බදු පැනවීමත් සමග රුපියයල් 257 කින්ද කිලෝග්‍රෑම් 2.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120 කින්ද ඉහළ දැමීමට සිදුව ඇත.

මේ සම්බන්ධයෙන් ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතාගෙන් ‘දිවයින’ සිදුකළ විමසීමේදී ඒ මහතා ද කියා සිටියේ වැට් බදු සියයට දහඅටකින් වැඩිකිරීම නිසා සැලකිය යුතු මිලකින් ලිට්‍රෝ මිල ඉහළ දැමීමට සිදුවන බවයි. නමුත් ඒ පිළිබඳ මේ මොහොතේ යමක් කිව නොහැකි බවද ඒ මහතා පැවැසීය.

ඉකුත් නොවැම්බර් මස 04 වැනිදා කළ මිල සංශෝධනයට අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3565 ලෙසද කිලෝග්‍රෑම් 5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 1431 ක් ලෙසද කිලෝ ග්‍රෑම් 2.5 සිලින්ඩරයක මිල රු. 668 ක් ලෙස සටහන්ව තිබිණි. මේ මිල ගණන ප්‍රවාහන වියදම් මත ඒ ඒ දිස්ත්‍රික්කයට අනුව වෙනස් වේ.

මීට වසර පහළොවකට පමණ පෙර ගෑස් මත වැට් බදු පැනවීම ඉවත්කර තිබුණි.

ශිරාන් රණසිංහ

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website