ඉරිදා, 17 දෙසැම්බර් 2023 11:45

පුරනැගුම ව්‍යාපෘති 33ක් කොට උඩ Featured

පළාත් පාලනය වැඩිදියුණු කිරීමේ ආංශික ව්‍යාපෘතිය (පුරනැගුම) යටතේ රුපියල් මිලියන 3809ක මුදලක් වැයකර ආරම්භ කර තිබූ ව්‍යාපෘති 33ක් විවිධ හේතු නිසා අතරමග නවතා දමා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ජලසම්පාදන පහසුකම් නොමැතිවීම, ප්‍රවේශමාර්ග නොමැති වීම, ගොඩනැඟිලි සැලසුම්වලට අනුකූල නොවීම, ආදාහනාගාර සඳහා මහජන ඉල්ලුමක් නොමැති වීම, ශක්‍යතා අධ්‍යයනයක් සිදුනොකිරීම ආදී හේතු නිසා මෙකී ව්‍යාපෘති අතරමග නවතා දැමීමට සිදුවී ඇත. එමෙන්ම ජල ටැංකි ඉදිකිරීමේ දී බිම් මට්ටම සැලකිල්ලට නොගැනීම, කොවිඩ් වසංගතයේ බලපෑම, ජල පිරිපහදු යන්ත්‍රවල ප්‍රමාණවත් ධාරිතාවයක් නොමැති වීම, ශ්‍රවණාගාර ප්‍රජාශාලා ප්‍රයෝජනයට ගැනීම සඳහා නිසි සැලැස්මක් නොමැති වීම නිසා මෙම ව්‍යාපෘති අතරමග නවතා දැමීමට සිදුවී ඇති බව විගණනය මගින් අනාවරණය කර ඇත.

ලලිත් චාමින්ද

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website