අඟහරුවාදා, 19 දෙසැම්බර් 2023 10:51

අතරමැදියන්ට සල්ලි දී ඊශ්‍රායල් ගියොත් ආපහු ගෙන්වනවා Featured

අතරමැදියන්ට මුදල් දී ඊශ්‍රායලයට ගියොත් එරට රජය සමඟ සාකච්ඡා කොට ඔවුන් නැවත ලංකාවට ගෙන්වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

ඊශ්‍රායලයේ රැකියා ගන්න කිසිම කෙනෙක්ට මුදල් දෙන්න එපා යැයි කී අමාත්‍යවරයා කවුරුන් හෝ ලිස්ට් එකේ උඩට ගන්නවා කියමින් මුදල් ඉල්ලන්නේ නම් වහාම අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින්නේ යැයි ද ඇමාත්‍යවරයා සඳහන් කළේය.

ගතවූ මාස 18 ඇතුලත විදෙස් ගත ශ්‍රමිකයින් ඩොලර් බිලියන 8.6ක මුදලක් ලංකාවට එවා තිබෙන බව ද නානායක්කාර මහතා පැවසීය.

තමා අමාත්‍යාංශයේ වැඩ බාරගෙන මාස 18 ක් ගතවූ බව කී අමාත්‍යවරයා ඒ කාලයේදී කයිවාරු ගහන්නේ නැතිව වැඩ පෙන්වා ඇති බව කීය.

(අංජුල මහික වීරරත්න)

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website