බදාදා, 20 දෙසැම්බර් 2023 09:57

වැට් බද්දෙන් සූර්ය පැනල මිලත් නහුතෙට නගී – ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ලේකම් Featured

පුනර්ජනනීය බලශක්තියෙන් (සුළං/ සූර්ය) විදුලිය නිෂ්පාදනය ඉහළ දැමීමට කතාබහ කළත් ලබන ජනවාරි සිට අය කෙරෙන සියයට දහ අටක වැට් බදු නිසා සූර්ය පැනලයක මිල රුපියල් ලක්ෂ දෙකකින් පමණ වැඩිවන බව ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ ලේකම් ලක්මල් ප්‍රනාන්දු මහතා ‘දිවයින’ ට පැවසීය.

සූර්ය බලයෙන් විදුලිය නිපදවීමට තිබෙන අවස්ථාව මේ නිසා මඟහැරී යන බවත් ලබන වසරේදීත් ඉන්ධන, ගල් අඟුරු ඇතුළු අධික වියදම් සහිත ප්‍රභවයන්ගෙන් විදුලිය නිපදවීමට සිදුවන බවත් ඒ මහතා කීය. හරි නම් කළ යුතුව ඇත්තේ සූර්ය පැනල මිල අඩු කිරීම වුවත් මෙතෙක් නොතිබූ වැට් බද්දක් නිසා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අඩපණවී යනු ඇතැයිද ප්‍රනාන්දු මහතා පැවසීය.

ශිරාන් රණසිංහ

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website