බදාදා, 20 දෙසැම්බර් 2023 10:08

තේ දළු මිල පහලටම වැටේ.. පොහොර මිල ඉහලට.. වගාකරුවන් හාන්සියි.. Featured

තේ දළු මිල දිගින් දිගටම පහත වැටීමත් පොහොර මිල ඉහළ අගයක පැවතිමත් හේතුවෙන් කුඩා තේවතු කර්මාන්තය දැඩි අර්බුදයට ලක්ව ඇති බව සමස්ත ලංකා කුඩා තේ වතු හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

තේ පොහොර පසුගිය කාලයේ සහනාධාර ක්‍රමයට අඩු මිලට ලබා දීමට කටයුතු කළත් මේ වන විට පොහොර වෙළෙඳපොළින් මිලදී ගැනීමට සිදුව ඇත්තේ කිලෝ පනහක මිටියක් රුපියල් දස දහස ඉක්මවා බවද එම සංගමය පෙන්වා දෙයි.

ඇතැම් ප්‍රදේශවල අමූ තේ දළු කිලෝවක මිල මේ වන විට රුපියල් 120 දක්වා පහත වැටී තිබෙන බවද අධික මිලකට පොහොරගෙන අඩු මිලට තේ අලෙවි කිරීමට වීමෙන් ගොවීන් අසීරු තාවයට පත්ව ඇති බවත් සංගමයේ සංවිධායක ලාල් පේ‍්‍රමනාත් මහතා පැවසීය.

මෙම තත්ත්වය මත කුඩා තේ වතු කර්මාන්තය අර්බුදයකට ලක්වෙමින් පවතින බවත් මෙම තත්ත්වය සලකා බලා කුඩා තේ වතු හිමියන්ට පොහොර සහනාධාර ක්‍රමයක් යටතේ ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් හේතෙම කියා සිටී.

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website