බ්‍රහස්පතින්දා, 21 දෙසැම්බර් 2023 12:51

පඩි වැඩි කරනු.. නැතොත් වරාය වර්ජනයක්… Featured

ඉදිරි වසර තුනට අදාළ වැටුප් වැඩි කිරීම සඳහා වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් නොකළහොත් මෙම මස 28 වන දා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංයමය සඳහන් කරයි.

මේ පිළිබඳව හා සේවයකයන්ට ඇතිවී තිබෙන ගැටළු පිළිබඳව විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට ලිඛිතව දන්වා යැවූ බව සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකාන මහතා කියා සිටී.

2021 වසරේ අස්සන් කළ වැටුප් ගිවිසුම් මේ මස 31 වනදා අවසන් වන නිසා ජනවාරි 01 සිට ඉදිරි වසර තුන සඳහා නව වැටුප් ගිවිසුමක් අත්සන් කළ යුතු බවත් එහෙත් තවමත් වැටුප් වැඩිවීමට අදාළ ගිවිසුම සකස් කිරීමට නොහැකි වී ඇති බවත් ඔහු පැවසීය.

ජනවාරි පළවෙනිදා සිට වරාය සේවක වැටුප් ඉහල යන ආකාරය පිළිබඳව ප්‍රකාශයට පත් කර නොමැති බැවින් ඉදිරි දින හත තුළ අදාල වැඩපිළිවෙල ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා සිටින බවද පැවසූ ඔහු එසේ නොමැති නම් 28 වැනිදා සිට වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website