බ්‍රහස්පතින්දා, 04 ජනවාරි 2024 08:45

රන් මිල යළි ඉහළට Featured

මෙරට රන් වෙළෙඳපොළ තුළ මෙතෙක් පැවැති රන් මිල නැවත වතාවක් බරපතළ වෙනසකට ලක්ව ඇත.

ඒ අනුව ඊයේ (03 දා) දිනය වනවිට කැරට් 24 රන් පමුමක අගය රුපියල් එක්ලක්ෂ අසූහතර දහසක් දක්වා ඉහළ ගොස් තිබූ අතර කැරට් 22 රන් පවුමක මිල රුපියල් එක්ලක්ෂ හැත්තෑතුන් දහස් නවසියයක් දක්වා ඉහළ ගොස් තිබිණි.

මෙරට රන් වෙළෙඳපොළ තුල සෑම වසරකම දෙසැම්බර් මාසයේදී රන් මිල යම් ඉහළ යෑමකට ලක්වන අතර මෙවර අනෙකුත් වර්ෂවලට සාපේක්ෂව මිල ඉහළ යෑම ඉහළ අගයක් ගෙන ඇත. මෙරට රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ එළැඹෙන උත්සව සමයේදී මෙම මිල ගණන් තවදුරටත් ඉහළ යා හැකි බවය. එවැනි තත්ත්වයකදී ඉදිරියේදී ස්වර්ණාභරණ කර්මාන්තය බරපතළ කඩාවැටීමකට ලක්වීමේ අවදානමක් පවතින බව ද එම ආරංචි මාර්ග කියයි.
රුවන් ජයවර්ධන

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website