සිකුරාදා, 05 ජනවාරි 2024 10:54

කාර් ගේන්න සූදානම්.. ඕඩරයම අසල්වැසියාට.. ජපානෙන් ගේන්න සල්ලි නෑ.. Featured

රජය විසින් මෝටර් රථ ආනයනයට යළිත් සීමිත අවසරයක් ලබා දෙනු ඇති බව වාහන ආනයනකරුවන් කියා සිටී.

එන්ජින් ධාරිතාව 1000cc ට අඩු මෝටර් රථ එසේ ආනයනය කිරීමට සලකා බලමින් සිටී.

මීට අවශ්‍ය කටයුතු දැනටමත් සිදුවෙමින් පවතින බවද සංගමය සඳහන් කරයි.

කෙසේ වෙතත් කුඩා ප‍්‍රමාණයේ අඩුමිල මෝටර් රථ වැඩි වශයෙන් නිපදවන්නේ ඉන්දියාව හේතුවෙන් මෝටර් රථ වැඩි වශයෙන් ආනයනය ඉන්දියාවෙන් සිදු කිරීමට සිදුවනු ඇති බවද වාර්තා වෙයි.

එමෙන්ම ඉන්දීය මෝටර් රථ ජපාන හෝ අනෙකුත් මෝටර් රථවලට වඩා අඩු මිලකට ලබාගත හැකි නිසා මෙවර ආනයනය කරන මෝටර් රථ ප්‍රමාණයක් ඉන්දියාවෙන් ගෙන්වීමට සූදානමකද පවතී.

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website