ඉරිදා, 07 ජනවාරි 2024 09:46

ලංවීමට කෝටි 8000ක ලාභයක් Featured

පිරිවැය පියවා ගැනීමට යැයි කියමින් විදුලි ගාස්තුව ඉකුත් වසරේ දී (2023) තුන්වරක් ම සංශෝධනය කරමින් අවසන් වරට අගෝස්තු 09 වැනිදා වැඩි කළ පසු ලංවිම මේ වන විට රුපියල් කෝටි අටදහසකට වඩා ලාභයක් වාර්තා කර ඇත.

ඉකුත් වසරේ අගෝස්තු 09 වැනිදා තුන්වැනි වරටත් විදුලි ගාස්තු ඉහළ දමනු ලැබුවේ මණ්ඩලය ලබන රුපියල් කෝටි 1800ක පාඩුව පියවා ගැනීමට යැයි කියමිනි.

එම ගාස්තු ඉහළ දැමීමෙන් පසුව දිගින් දිගටම වැසි ලැබීම නිසා ජල විදුලිය වැඩිපුර නිපදවා ගැනීමට හැකිවීමත්, සියයට එකසිය හතළිස් හතක පමණ අති විශාල ප්‍රතිශතයකින් ගාස්තු ඉහළ දැමීමත් නිසා මණ්ඩලය මේසා විශාල ලාභයක් ලැබූ බව ඉංජිනේරුවෝ කියති.

මේ වන විට දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටින ජනතාවට විදුලි බිල් ගෙවා දැමීමට නොහැකිවීමත්, මාසයක් ගෙවුණු පසු රතු බිල් නිකුත් කිරීමත් නිසා සමස්ත විදුලි පාරිභෝගිකයන්ගෙන් සියයට අසූවකට ම රතුබිල් ලැබෙන බවත් ඔවුහු පවසති.

ශිරාන් රණසිංහ

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website