අඟහරුවාදා, 09 ජනවාරි 2024 10:37

ප්‍රමිතියෙන් යුතු ඖෂධ රටට ගෙන ඒම අඩු වෙලා Featured

ඖෂධ මිල වැඩි වීම නිසා රට තුළට ප්‍රමිතියෙන් යුත් ඖෂධ ගෙන ඒමේ අඩුවක් නිර්මාණය වී ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා ඊයේ (08 දා) පැවසීය.

ප්‍රමිතියෙන් යුත් ඖෂධ ගෙන ඒම සඳහා මිල සූත්‍රයක් ඇති කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් ඔවුන් මිල සූත්‍රය වෙනුවට මිල පාලනයක් ඇතිකර තිබෙන බවත්, එම මිල පාලනය නිසා ප්‍රමිතියෙන් යුත් ඖෂධ රටට ඒම දිගින් දිගටම අඩු වන බවත් ඒ මහතා කීවේය.

ප්‍රමිතියෙන් යුත් ඖෂධයක් යනු යම් ඖෂධයක් නිපදවා පේටන්ට් බලපත්‍රය හිමි සමාගම නිපදවන ඖෂධ බවද, අදාළ ඖෂධ නිපදවන ආයතනය පේටන්ට් බලපත්‍රය ගෙන වසර 09 කට පසු එම ඖෂධය වෙනත් සමාගම්වලට නිපදවිය හැකි අතර එවැනි සමාගම් නිපදවන ඖෂධ වැඩි වශයෙන් රටට පැමිණෙන බවද හෙතෙම පැවසීය.

එම නිපදවන ඖෂධවල ගුණාත්මක භාවය හඳුනාගැනීමට ක්‍රමවේදයක් නොමැති බවත් එම නිසා ප්‍රමිතිගත සමාගම නිපදවන ඖෂධ වෙනුවට වෙනත් සමාගම් නිපදවන ඖෂධ රටට පැමිණෙන බවත් ඔහු කීය.
චමින්ද සිල්වා

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website