බදාදා, 10 ජනවාරි 2024 11:23

දොස්තර දීමනාව අපටත් දියවු.. සෞඛ්‍ය සුළු සේවකයන් වර්ජනයේ.. Featured

අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන් අද (10) පෙරවරු 08.00 සිට පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ ආර්ථික යුක්තිය ඉටු කිරීමේ රජයේ අසාධාරණ ප්‍රතිපත්තියට එරෙහිවයි.

අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන්ට ද රුපියල් 35000 දීමනාව ලබා දෙන ලෙස ඉල්ලා සිටියි.

වැඩ වර්ජනයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කීට විද්‍යා නිලධාරීන්, පාසල් දන්ත චිකිත්සකයින්, ඖෂධ සංයෝජකවරුන්, ECG ශිල්පීන්, EEG ශිල්පීන්, අක්ෂි තාක්ෂණවේදීන්, මහජන සෞඛ්‍ය රසායානාගාර ශිල්පීන් හා දන්ත කාර්මික ශිල්පීන් නියෝජනය කරමින් වෘත්තීය සමිති රැසක් එක්වීමට සැලසුම් කර ඇතිබව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

තෝරාගත් රෝහල් කිහිපයක හෙද නිලධාරීන් ද අද දිනයේ වැඩ වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවීන්ද්‍ර කහඳවආරච්චි මහතා පැවසීය.

මේ අතර පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් ඊයේ (09) ආරම්භ කළ වර්ජනය අද උදෑසන 08.00 අවසන් විය.

රුපියල් 35000ක දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් එම වර්ජන ක්‍රියාවලිය සිදුකෙරිණි.
එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සදහා රජයේ රෝහල්වල රසායනාගාර සේවකයින්, ඖෂධවේදීන්, විකිරණවේදීන් ඇතුළු වෘත්තීකයින් සම්බන්ධ විය.

– නාගොඩ සුමන උදයන්ත

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website