බදාදා, 10 ජනවාරි 2024 11:27

කුඩා තේ වතු හිමියන්ගෙන් වැට් අය නොකරන බවට මහ බැංකු අධිපති පොරොන්දු වුණා Featured

කුඩා තේ වතු හිමියන් සඳහා වැට් බදු අය කිරීමක් නොකරන බවට මහ බැංකු අධිපතිවරයා තමන්ට පොරොන්දු වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) පැවසීය.

ඒ සම්බන්ධයෙන් තමා මහ බැංකු අධිපතිවරයා සමග සාකච්ඡා කළ අවස්ථාවේදී ඔහු එම පොරොන්දුව ලබාදුන් බවද කථානායකවරයා කීය.

ඒ මහතා මේ බව පැවසුවේ කුඩා තේ වතු හිමියන්ගේ දළු බිලට වැට් බද්ද එක්කරන බවට මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මේ ජනවාරි සිට දළු බිල එන විට ඒ සෑම දළු කිලෝ එකකින්ම රුපියල් හතළිහක් පමණ වැට් බදු නිසා අඩු වනු ඇතැයි කී වීරසුමන වීරසිංහ මහතා වැට් අය කරන්නේ වෙන්දේසිකරුවාගෙන්ද,තේ කම්හල් හිමියාගෙන්ද එසේ නැතිනම් අමු දළු සපයන්නන්ගෙන් ද යන්න ප්‍රශ්නයක් බව කීය. මේ ආකාරයට වැට් බද්ද දළු සපයන්නන්ගෙන් අය කළහොත් ඔවුන්ට අසීරුතා රැසක් විඳින්නට සිදුවෙන බව කී මන්ත්‍රීවරයා මේ ප්‍රශ්නයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website