බ්‍රහස්පතින්දා, 11 ජනවාරි 2024 13:31

විදුලිබල මණ්ඩලය හිතුවක්කාරයි.. දඩ ගැසිය යුත්තේ කාටද..- අගමැති Featured

විදුලි බිල නොගෙවීම නිසා පළාත් පාලන ආයතනවලට අදාළ විදුලිය සම්බන්ධතා විසන්ධි කළ යුතුය යන ස්ථාවරයේ තමන් නොසිටින බව පැහැදිලිව ප්‍රකාශ කරන බවත්, එය විසඳා ගැනීමට මහා භාණ්ඩාගාරය සහ විදුලිබල අමාත්‍යංශය සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවත්, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

ඇතැම් පළාත් පාලන ආයතන විකල්ප පුනර්ජනනීය විදුලි බලය සඳහා වහලවල උපකරණ සවිකර ඇතත්, විදුලිබල මණ්ඩලය ඒවා සම්බන්ධ නොකර හිතුවක්කාරී ලෙස හැසිරෙන බවත් කී අග්‍රාමාත්‍යවරයා, එම ක්‍රියාවට දඩ ගැසිය යුත්තේ කාටද යන්න ප්‍රශ්න කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ, පා.ම.දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී 2024.01.10 දින මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මන්ත්‍රීවරයා විමසුවේ, පළාත් පාලන ආයතනවල විදී පහන් ආදිය සඳහා විදුලි බිල, අදාළ පළාත් පාලන ආයතන මගින් ගෙවිය යුතුය කියා ඇති නියමය අනුව එම ආයතනවලට රුපියල් ලක්ෂ 20, 50, 60 ආදී බිල්පත් ඒවා ඇති බවත්, මෙය විසඳන යුතු බවය.

“ගරු කතානායකතුමනි, පළාත් පාලන ආයතන හා පාරවල් හා විදුලිය ගැන කලින් මහා මාර්ග අමාත්‍යංශය යටතේ තිබුණු සියලු ගෙවීම් පළාත් පාලනයෙන් කළ යුතුයි කියලා තීරණයක් එළඹිලා ප්‍රකාශයට පත්කරලා තිබෙනවා. ඒ අනුව විදුලිබල මණ්ඩලය සියලු ප්‍රදේශවල, මේ, අය කිරීම් කෙළින්ම පළාත් පාලන ආයතනයට පවරනවා. සමහර පළාත් පාලන ආයතනවලට, මම එකඟ වෙනවා ආදායම මදි ඒ ගෙවීම් කරන්න. ඒ ප්‍රශ්නය අපි මහා භාණ්ඩාගාරය සමඟත් විදුලි බල අමාත්‍යංශය සමගත් සාකච්ඡා කරනවා.

එතකොට මේ නිකුත් කරන නිවේදනය අනුව මුදල් ගෙවා නැත්නම් විසන්ධි කිරීම බොහොම පහසුවෙන් කරන්න පුළුවන් බව ඒ පනතේම තිබෙනවා. නමුත් එහෙම අසාධාරණයක් කරනන් එපැයි කියන පදනමේ තමයි අග්‍රාමාත්‍යතුමත්, ඒ වාගේම පළාත් පාලන අමාත්‍යතුමාලා හැටියට අපි ඉන්නේ.

එහෙම කරන්න එපා. අපි මේ ප්‍රශ්නය විසඳා ගැනීමට සාකච්ඡා ආරම්භ කරලා තිබෙනවා. ඒ නිසා එය තවත් කාලයක් අත්හිටුවලා ආණ්ඩුකාරවරුත් කැඳවලා, පළාත් බඳ ඉංජිනේරුවන් සමග මෙය විසඳගන්න කටයුතු කරමු.

මේක රට පුරාම පටන් ගෙන තිබෙන ගැටලුවක්. ඉතින් මං පිළිගන්නවා, මම පිළිගන්නේ නෑ විදුලිය විසන්දි කළ යුතුයි කියලා. ඒ ස්ථාවරයේ මම නෑ. ඉතා පැහැදිලිව කියනවා. අපිට මේක විසඳාගත හැකි ප්‍රශ්නයක් ලෙස විසඳන්න ඕන.

cn

සමහර තැන්වල ගරු කතානායකතුමනි, ඔබතුමත් දන්නවා, පුනර්ජීවන විදුලිබලය ඇති කර වහලවල්වල තිබෙනවා. නමුත් විදුලි බල මණ්ඩලය ඒක සම්බන්ධ කරලා නෑ, මම බොහොම වේදනාවෙන් කතා කරන්නේ. ඒක සම්බන්ධ කරන්න. සම්බන්ධ නොකිරීමට කාටද දඩ ගහන්න ඕන ?

ඒ හිතුවක්කාරකම කාගේ හිතුවක්කාර කමක්ද? සම්බන්ධ කරා නම් පළාත් පාලන ආයතනවල, ඒ තැන්වල විදුලි බිලක් මතු වෙන්නේ නෑ. මොකක්ද මේ? හැසිරීම කියන එක, විසඳා ගැනීම සඳහා මේ අර්බුද කාලය තුළ බොහොම ප්‍රවේශමෙන් විදුලිය මිනිස් ජීවිතයට අත්‍යාවශ්‍ය වෙලා තියෙනවා.
ඉස්සර වගේ නෙවෙයි, අපි විදුලිය දුන්නා අපේ ආණ්ඩුව විදුලිය දුන්නා හැම ගේකටම.

අපි දුන්නා පළාත් පාලනයට. පළාත් පාලන ඇමතිතුමා හිටයට මම කියන්න ඕන. ඔබතුමාටත් මතකයි විදුලි බල මණ්ඩලයට තිබුණු වටිනාම ප්‍රදේශ LECO ආයතනයට ගත්තා. ඔබතුමාට මතකයි මේ පනත ගේනකොට මහා ආන්දොලනයක් මේ පාරිලිමේන්තුවේ ඇතිවුණා ඒ කාලේ. නමුත් LECO ආයතන ඒ ප්‍රදේශ භාරව කටයුතු කරමින් දියුණු කරලා තිබෙනවා. ඒකත් කියන්න ඕන. LECO ආයතනය සූදානම්, පළාත් පාලනයේ ඕනෑම විකල්ප විදුලිය සපයන මාර්ගවලට අවතීර්ණ වෙලා එවා සම්බන්ධ කරගන්න. ඒවා සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක් ලෙස ගෙන දැනටමත් අපි සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා.

මම හිතනවා තමුන්නාන්සේලාගේ සහයෝගය දෙයි විදුලිය අත්‍යාවශ්‍ය දෙයක් මහජනයාට. එහි මිල වැඩිවීම හා මිල අය කරන ක්‍රමවේදය ගැන තිබෙන ගැටළු තුළ අපි මුහුණ දෙන මහජනයා මුහුණ දෙන‍ෙ මේ කාරණය නිරාකරණය කර ගැනීමට පළාත් පාලන ආයතන හැටියට අපි මැදිහත් වෙනවා.”

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website