බදාදා, 24 ජනවාරි 2024 08:23

වෛද්‍යවරුන්ගේ වැඩි කළ DAT අත්හිටුවයි Featured

වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණසිටීමේ දීමනාව (DAT) ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු සකස් කර තිබුණ ද අනුමත ප්‍රතිපාදන සීමාව තුළ මහා භාණ්ඩාගාරය විසින් ඊට අදාළ මුදල් ලබාදීමට කටයුතු කර නොමැති බව ද පවසයි. ඒ අනුව භාණ්ඩාගාරය වෙතින් මෙම ගැටලුව නිරාකරණය කරගන්නා තෙක් වැඩිකරන ලද රුපියල් 35,000ක මුදල ගෙවීම තාවකාලිකව අත්හිටුවන ලෙසට සෞඛ්‍ය ලේකම්වරයා විසින් තමන්වෙත දැනුම්දී ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website