සෙනසුරාදා, 27 ජනවාරි 2024 12:42

මහ බැංකුවට නව සහකාර අධිපතිවරු 6 දෙනෙක් Featured

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ලෙස කටයුතු කළ නිලධාරීන් හය දෙනෙකු නව සහකාර අධිපතිවරුන් ලෙස උසස් කර ඇත.

මේ අනුව නව සහකාර අධිපතිවරුන් ලෙස ආචාර්ය සී. අමරසේකර, ආචාර්ය පී.කේ.ජී. හරිශ්චන්ද්‍ර, ඩබ්ලිව්. ඒ. දිල්රුක්‍ෂි, ඩී. එස්. ඩබ්ලිව්. සමරතුංග, ඊ.එච්. මොහොට්ටි සහ ආර්.ඩී.ටී. ගුණසේකර යන මහත්ම මහත්මීන් පත්කර ඇත.

මින් ආචාර්ය සී. අමරසේකර මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්‍ෂ ලෙස ඇමෙරිකාවේ වොෂින්ටන්හි අයිඑම්එෆ් කාර්යාලයේ කටයුතු කරමින් සිටී. ඔහු නොබෝ දිනකින් ලංකාවට පැමිණීමට නියමිතය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website