ඉරිදා, 28 ජනවාරි 2024 13:51

බඩු මිල යළි නගීලු Featured

ඉකුත් 2023 වසරට සාපේක්ෂව මෙම වසරේ ඉදිරි මාස දෙක තුන ඇතුළත නැවත වතාවක් අත්‍යවශ්‍ය බඩු මිල ඉහළ යා හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.

දේශීය නිෂ්පාදන ඉහළ දමමින් රටේ ආර්ථිකය නංවාලීමට රජයට කිසිදු සැලසුමක් නැති බැවින් මෙවර සිංහල අලුත් අවුරුදු සමයේද මහජනතාවට සිදු වන්නේ ඉහළ මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීමට බවද හෙතෙම කියා සිටියේය.

රජයේ අපේක්ෂිත ආදායම් ඉලක්කයන් අනුව මෙතෙක් එක් පුද්ගලයෙකු මාසයකදී ගෙවූ රුපියල් 6330.00 ක වක්‍ර බදු ප්‍රමාණය, ජනවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක වූ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් රුපියල් 10014.00 දක්වා රුපියල් 3684 න් වැඩිවී තිබේ. ඒ අනුව රටේ වෙසෙන එක් පුද්ගලයෙකුට මාසිකව රුපියල් 14737 ක වක්‍ර බද්ද ක් ලෙස ගෙවන්නට සිදුව ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම්ගත කරුණු මත භාණ්ඩ හා සේවාවන් සඳහා වූ බදු ඉදිරියේ දී තවදුරටත් ඉහළ දැමීමට රජයට සිදු වනු ඇතැයිද, මේ නිසා ඉදිරියේදී ජනතාව තම ජීවන වියදම් පියවා ගැනීමේ දැඩි අර්බුදයකට ගොදුරු විය හැකි බවද මහාචාර්යවරයා කීය.

රටට අවශ්‍ය ව ඇත්තේ අයිඑම්එෆ් වැඩසටහන ක්‍රියාත්මක කර ගනිමින් දේශීය ආර්ථිකය ප්‍රසාරණය කරමින් ආර්ථික අතිරික්තයක් බිහි කිරීම පමණකි. ඒ තුළින් රටට අවශ්‍ය භාණ්ඩ රට තුළ නිෂ්පාදනය වෙනවා මෙන්ම රජයේ බදු ආදායම ඉහළ නංවා ගත හැකි යැයි ද මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.

සමන්ති වීරසේකර

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website