ඉරිදා, 28 ජනවාරි 2024 13:54

සමෘද්ධිලාභීන්ට ‘ලූනු බිකක්’ Featured

දිවි නැගුම ප්‍රජාමුල බැංකුවල සමෘද්ධි ප්‍රතිලාභින් විසින් තැන්පත්කොට ඇති රුපියල් බිලියන 149ක මුදලක් ඉහළ පොලී අනුපාත යටතේ ආයෝජනය කොට තිබුණ ද සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ ඉතිරිකිරීම් තැන්පතු සඳහා ගෙවා ඇත්තේ සියයට තුනක් වැනි අඩු පොලී මුදලක් බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

ඒ අනුව සමෘද්ධිලාභීන් සවිබල ගැන්වීම අරමුණු කර ගෙන ප්‍රජාමූල බැංකු පද්ධති ආරම්භ කර තිබුණ ද වර්තමානයේ දී සමෘද්ධිලාභීයා සවිබල ගැන්වීමේ අරමුණින් බැහැරව ලාභ ලැබීමේ අරමුණින් ක්‍රියාත්මක වී ඇති බව විගණනය මගින් අනාවරණය කර ඇත.

2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට ප්‍රජාමූල බැංකු 1089ක සාමාජිකයන් 4,115,100 කගේ මුළු තැන්පතු මුදල රුපියල් බිලියන 155කි. මින් සමෘද්ධි ප්‍රතිලාභීන් සඳහා ලබාදුන් ණයමුදල්වල හිඟ හිටි ශේෂය රුපියල් බිලියන 68කි.

ලලිත් චාමින්ද

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website