අඟහරුවාදා, 30 ජනවාරි 2024 10:06

පෞද්ගලික සමාගමක් සමග එක්ව රජය බඩඉරිඟු මිලදී ගැනීම අරඹයි Featured

මෙවර පෞද්ගලික අංශය සමග එක්ව ගොවීන්ගෙන් බඩඉරිඟු මිලදී ගැනීම ආරම්භ කර ඇති බව ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති පාලින්ද සාගර මහතා පවසයි.

ඒ අනුව බඩඉරිඟු මිලදී ගැනීමේ අත්දැකීමක් ඇති පෞද්ගලික සමාගමක් වන සීමාසහිත කෝන් කිංඩම් සමාගම රජය සමග එක්ව බඩඉරිඟු මිලදී ගැනීම සිදුකරයි.

හෙක්ටයාර් 15,000ක් පමණ ආවරණය වන පරිදි අනුරාධපුරය, මොනරාගල, හම්බන්තොට, බදුල්ල යන දිස්ත්‍රික්කවලින් මෙසේ බඩඉරිඟු මිලදී ගැනීම සිදුකෙරේ.

කිලෝව රු. 140කට බඩඉරිඟු මිලදී ගන්නා අතර මිලදී ගන්නා අවස්ථාවේදීම ගොවීන්ට මුදල් ලබාදීමට සැලසුම් කර ඇති බව කෝන් කින්ඩම් (CORN KINGDOM) සභාපති ගෝවින්ද රාජ් ප්‍රභාෂ් මහතා පවසයි.

ඒ අනුව බඩඉරිඟු මිලදී ගැනීම ලබන මස 1 වැනිදා සිට හම්බන්තොට මොනරාගල, අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල දී ආරම්භ කරන බව ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

DN

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website