සදුදා, 05 පෙබරවාරි 2024 09:19

ව්‍යාපාර 19,000ක විදුලිය කපලා.. Featured

පසුගිය වසර ඇතුළත ව්‍යාපාර 19,000 ක පමණ විදුලිය විසන්ධි කර ඇත ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

වර්තමානයේදී විදුලි බිල ජනතාවට ගැටලු සහගත සාධකයක්ව තිබේ. එය විසඳා ජනතාවට සහන සැලසීමේ සැලසුමක් එක්සත් ජනරජ පෙරමුණ සතුව ඇත.

විදුලි බල මණ්ඩලය විධිමත් කළමනාකරණයකට යටත් කිරීම එක් ක්‍රියාමාර්ගයකි.

 එය මීට පෙර ප්‍රායෝගිකව සනාථ කළ කාර්යයක් වන අතර එහිදී විදුලි බිල අඩු වුවද මණ්ඩලය ලාභ ලැබූ බව රණවක මහතා සිහිපත් කරයි.

 වර්තමානයේදී විදුලි බල මණ්ඩලය ආදායමට සාපේක්ෂව ලබන ලාභය සියයට 35 කි. එහෙත් විදුලි බිල අඩු කළ හැක්කේ සියයට 4 කින් පමණක් බව මණ්ඩලය පෙන්වා දෙයි.

එය පිළිගත නොහැකි තත්වයක් බව රණවක මහතාගේ අදහසයි.

විදුලි බිල අඩු කිරීම සඳහා ඩීසල් මිල පහත හෙළීමද අවශ්‍යතාවකි. ඒ සඳහාද විධිමත් කළමනාකරණයක් පැවතිය යුතුය.

රට සංවර්ධනය සඳහා කර්මාන්ත පවත්වාගෙන යාමේ පහසුකම් සැලසීම රජයේ වගකීමකි. එහිදී කර්මාන්ත වෙනුවෙන් විදුලි බිල අඩු කළ යුතුය.

එහෙත් පසුගිය වසර ඇතුළත ව්‍යාපාර 19,000 ක පමණ විදුලිය විසන්ධි කර ඇත. බිල් ගෙවීමට නොහැකිවීම ඊට හේතුවයි.

ආගමික සිද්ධස්ථාන රැසක සහ නිවාස විශාල සංඛ්‍යාවක ද විදුලිය විසන්ධි කර තිබේ.

එක්සත් ජනරජ පෙරමුණේ සැලසුම් යටතේ විදුලි බිල අඩු කෙරෙන අතර, මණ්ඩලය ලාභ ලබන තත්වයක පවත්වා ගැනීම ද සිදුකෙරේ.

ඊට සමගාමීව අඩු විදුලි පරිභෝජනයක් සහිත පාරිභෝගිකයන් වෙත මිල සහනයක් ලබාදීමට ද පියවර ගැනේ. ඒ සඳහා විධිමත්, විද්‍යාත්මක කළමනාකරණ ක්‍රමවේදයක් ක්‍රියාවට නංවන බව පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website