සදුදා, 05 පෙබරවාරි 2024 09:21

හිමිකාරීත්වය පවරා නැතිව භාවිතා කරන වාහනවලට නඩු… Featured

හිමිකාරීත්වය පවරාගෙන නැතිව භාවිතා කරන වාහන සඳහා නඩු පැවරීමට පොලිසිය තීන්දු කර තිබේ.

මෙරට ලියාපදිංචි වාහන අසූ දෙලක්ෂයකින් වාහන නවලක්ෂයක් ඉක්මවූ ප්‍රමාණයක් නිසි ලෙස අයිතිය පවරාගෙන නැති බව හෙළි වී ඇතැ.

දැනට මෙම වාහන ධාවනය කරනු ලබන්නේ විවෘත බලපත්‍ර ක්‍රමය යටතේ බවද පොලිසිය පවසයි.

එම තොරතුරු හෙළිදරව් වී ඇත්තේ කොළඹ නගරයේ මාර්ග නීති උල්ලංඝනය කරන්නන් හඳුනා ගැනීම සඳහා කැමරා පද්ධති මගින් සිදු කරන ලද නියමු ව්‍යාපෘතියේදීය.

ඒ අනුව වාහන අලෙවි කිරීමෙන් පසු ඒවායේ අයිතිය නිසි ලෙස පවරා නොගන්නන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට පොලිසිය තීන්දු කර ඇත.

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website