අඟහරුවාදා, 06 පෙබරවාරි 2024 09:39

ජනවාරියේ සංචාරකයෝ දෙලක්‍ෂයක් ලංකාවට ඇවිත් Featured

පසුගිය ජනවාරි මාසයේදී දෙලක්ෂය ඉක්මවා යමින් 208,253 ක විදෙස් සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම මාසය තුළ දී වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් මෙරටට පැමිණි රට ලෙස ඉන්දියාව වාර්තා වන අතර එම සංඛ්‍යාව 34,399 ක් වේ.

මීට අමතරව රුසියාවෙන් සංචාරකයන් 31,159 ක්, එක්සත් රාජධානියෙන් 16,665 ක්, ජර්මනියෙන් 13,593 ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයන් ජනවාරි මාසයේ දී මෙරටට පැමිණ ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website