අඟහරුවාදා, 06 පෙබරවාරි 2024 09:46

මහජන බැංකුව බිලියන 54ක බෝල් ණය කැපූ කතාව නැවත පත්තු වෙයි.. Featured

මහජන බැංකුව විසින් බිලියන 54ක මුදලක් බොල් ණය ලෙස කපා හරිමින් ආණ්ඩුවට සම්බන්ධ ව්‍යාපාරිකයින් සහ දේශපාලකයින් කිහිපදෙනෙකුට අයුතු වාසියක් සපයා ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මහජන බැංකුව ප්‍රතිචාර දක්වා තිබෙනවා.

මෙම චෝදනාව එල්ල වීමත් සමඟ ගනුදෙනුකරුවන් පවා දැඩි කණස්සල්ලට පත් ඇති බව එම බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අය කිරීම්) ඒ.යූ.එල්.ඒ.අන්සාර් මහතා පවසනවා.

මෙය සම්පුර්ණයෙන්ම අසත්‍ය කරුණු මත පදනම්ව සමාජ මාධ්‍යය ඔස්සේ ගොතන ලද පුවතක් බවයි ඔහු සඳහන් කරන්නේ.

මහජන බැංකුව කිසිදු අවස්ථාවක එවැනි බෝල් ණය කපා හැරීමක් සිදුකර නොමැති බව ද අන්සාර් මහතා අවධාරණය කර තිබීම විශේෂත්වයක්.

ණය ලබාගැනීමේදී සියලුම ගැනුම්කරුවන්ට සමාන නීතියක් ක්‍රියාත්මක වන බවත් අත්සන් තබන ලද ගිවිසුමට අනුකූල ලෙස ණය පොළී හෝ වාරික ගෙවීම පැහැර හැරිය හොත් ඒ සම්බන්ධයෙන් අදාළ නීතිමය කටයුතු සිදු කිරීමට මහජන බැංකුව කටයුතු කරන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

මේ අතර තරගකාරී මුල්‍ය වෙළඳපොළ තුළ කීර්තිනාමයක් දිනා සිටින මහජන බැංකුවේ කීර්ති නාමය මෙවැනි අසත්‍ය කටකතා තුළින් බිඳ දැමිය නොහැකි බව මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ( ව්‍යවසායකත්ව බැංකු කටයුතු) වික්‍රම නාරායන මහතා පවසනවා.

ඒ පසුගියදා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින්.

පසුගිය කාලය තුළ ඇතිවූ කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුධය හමුවේ ඇතැම් ණය හිමියන් පැමිණ බැංකුව සමග සාකච්ඡා කර ගෙවීමට ඇති ණය, පොළී වාරිකයන් ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගත් බවත් එය පොදුවේ සියලු ගණුදෙනු කරුවන්ට ලබා දුන් අවස්ථාවක් බවත් සඳහන් කළ වික්‍රම නාරායන මහතා ඇතැම් පිරිස් මෙම කරුණු පවා විකෘති කරමින් කටයුතු කිරීම පිළිබඳ දේශීය බැංකුවක් ලෙස මහජන බැංකුව දැඩි කණස්සල්ල සහ අප්‍රසාදය පළකරන අවධාරණය කර තිබෙනවා

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website