බදාදා, 07 පෙබරවාරි 2024 09:55

උත්සව අවස්ථාවන් සඳහා කොළඹ නගරයේ නව මැදුර Featured

කොළඹ නගරයේ ඓතිහාසික ගොඩනැඟිල්ලක්, රැස්වීම්වලට නව අරුතක් එක්කරමින් ආකර්ෂණීය ‘එක්සෙල් කලම්බු සම්මේලන මධ්‍යස්ථානය’ ලෙස පරිවර්තනය කර එළිදැක්වීම එක්සෙල් වර්ල්ඩ් සාඩම්බරයෙන් නිවේදනය කරයි.

උත්කර්ෂවත් විවෘත කිරීම පුළුල් ලෙස පැතිරුණු, නවීකරණය කළ එම පරිශ්‍රයේදී පෙබරවාරි 01 වනදා මාධ්‍ය හමුවක් සමඟ සිදුකෙරිණ. ආයතනික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, උත්සව අවස්ථා කළමනාකරුවන්, බ්‍රවුන්ස් සමූහයේ නිලධාරීන් එම තේජාන්විත අවස්ථාවට එක්වූයේ අපේ උරුමයක් වූ මෙම ගොඩනැඟිල්ලට නව යුගයක් උදාවීම සනිටුහන් කරමිනි.

වාහන නැවැත්වීමේ විශාල ඉඩකඩක් සහ පහසු ප්‍රවේශයක් සහිත වර්ග අඩි 30,000ක් පුරා පැතිරුණු ‘එක්සෙල් කලම්බු සම්මේලන මධ්‍යස්ථානය’ මෙරට වාස්තු විද්‍යාත්මක දස්කම් මනාව පිළිබිඹු කරයි. දහසක් පමණ වූ අමුත්තන් පිරිසකට සත්කාරකත්වය සැපයිය හැකි මෙය සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන, රාත්‍රී භෝජන සංග්‍රහ, ගෘහස්ථ ප්‍රසංග, වාර්ෂික මහා සභා රැස්වීම් සහ වෙළඳ සල්පිල් ඇතුළු විවිධාංගික අවස්ථා සඳහා මධ්‍යස්ථානයක් ලෙස ප්‍රචලිත වනු නොඅනුමානයි. මෙම උත්සව අවස්ථාවන් සඳහා ප්‍රනීත ආහාරපාන සැපයීමට ද කටයුතු යොදා තිබේ. මෙම ඕනෑම අවස්ථාවක ආරම්භයේ සිට අවසානය දක්වා අඩුපාඩුවකින් තොරව සේවා සැලසීම සඳහා එක්සෙල් කලම්බු සම්මේලන මධ්‍යස්ථානයේ විශේෂඥ කණ්ඩායමක් පූර්ණ අවධානයෙන් කැපවී සිටිනු ඇත.

“එක්සෙල් කලම්බු සම්මේලන මධ්‍යස්ථානය ව්‍යාපාරවල උද්‍යෝගිමත් වර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් උසස් මට්ටමේ පහසුකම් සැලසීමට සූදානමින් සිටී. ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක මේ සමයේ පරීක්ෂාකාරී ලෙස ආයෝජන සිදුකිරීමේ වැදගත්කම අප වටහාගෙන සිටිමු. දැරිය හැකි මිල සහිත ආහාර පාන සහ සේවා මෙනු, තරගකාරී මිලකට පිරිනමන රැස්වීම් පරිශ්‍රයන් සමඟ ඔබේ මුදලට වටිනාකමක් ලබා දීම සඳහා අප කැපවී සිටිමු. මේ උරුම ගොඩනැඟිල්ල නවීකරණයට ලක්කිරීමේදී අපගේ විචක්ෂණශීලී ගනුදෙනුකරුවන්ගේ පුළුල් වන අවශ්‍යතා වටහාගෙන ඒ සඳහා ඔවුනට සරිලන වේදිකාවක් සකස් කළෙමු.” එක්සෙල් වර්ල්ඩ් ප්‍රධාන විධායක නිලධාරී පුලින්ද ප්‍රනාන්දු මාධ්‍ය හමුවේදී පැවසීය.

ක්‍රීඩා, ආපනශාලා සහ විවිධ විනෝදාස්වාදයන්හි විචිත්‍රවත් සම්මිශ්‍රණයක් වූ එක්සෙල් වර්ල්ඩ් වෙත විශේෂයෙන් සති අන්තයන්හිදී විශාල පිරිසක් ආකර්ෂණය වේ. ජීවයෙන් පිරුණු මෙම උද්‍යෝගිමත් කේන්ද්‍රය පරිශ්‍රයේ පිහිටි සම්මේලන මධ්‍යස්ථානය, නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීම, ගනුදෙනුකරුවන් සමඟ සම්බන්ධ වීම සහ ක්‍රියාකාරකම් බහුල පරිසරයක මහජනතාවට පුළුල් ලෙස නිරාවරණය වීම ආදී අරමුණු ඔස්සේ ප්‍රදර්ශන සහ සම්මේලන පැවැත්වීම සඳහා ව්‍යාපාරවලට අසමසම ස්ථානයක් ලබාදේ.

‘එක්සෙල් කලම්බු සම්මේලන මධ්‍යස්ථානය’, ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගික සමූහ ව්‍යාපාරයක් වන බ්‍රවුන්ස් සමූහයේ කොටසකි. මෙම සුවිශේෂී පරිශ්‍රයේ ඇති අසාමාන්‍ය හැකියාවන් ගවේෂණය කරමින් ආයතනික උත්සව ඉහළ තලයකට ගෙනයාම සඳහා සූදානමින් සිටින ව්‍යාපාර, සහ උත්සව අවස්ථා සංවිධායකයින්ට එක්සෙල් කලම්බු වෙත පැමිණෙන ලෙස අප ඇරයුම් කරමු.

DMN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website