බ්‍රහස්පතින්දා, 08 පෙබරවාරි 2024 13:29

නව බලශක්ති මෝටර් රථ වෙළඳාමේ වර්ධනයට චීනයෙන් පියවර Featured

චීන වාණිජ අමාත්‍යාංශය ඇතුළු ආයතන 9 ක් නව බලශක්ති මෝටර් රථ වෙළඳාමේ විධිමත් සංවර්ධනයට සහයෝගය දැක්වීම සඳහා උපදෙස් මාලාවක් නිකුත් කරයි.

ඒ අනුව, රටේ නව බලශක්ති මෝටර් රථ නිෂ්පාදන ව්‍යවසායයන්ට අදාළ ව්‍යාපාරවල පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථාන විදේශ රටවල ස්ථාපිත කිරීමට පියවර ගැනේ. එසේම, විදේශීය පර්යේෂණ ආයතන සහ කර්මාන්ත සමූහයන් සමග උපායමාර්ගික සහයෝගිතා ඇරඹීම ද දිරිමත් කෙරේ.

මීට අමතරව නිදහස් වෙළඳ ගිවිසුම්වලට අදාළ ප්‍රතිලාභ ප්‍රයෝජනයට ගැනීමේ දී නව බලශක්ති මෝටර් රථ හා බැටරි සමාගම්වලට රාජ්‍ය අංශයේ සහාය හිමි වනු ඇත. චීන වෙළඳ සන්නාම පිළිබඳ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැගීමට මෙන්ම අපනයන ප්‍රමිතිකරණය ඔස්සේ සාධාරණ තරගකාරී පරිසරයක් නිර්මාණය කිරීමට එමගින් පියවර ගැනේ.

DMN

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website