ඉරිදා, 11 පෙබරවාරි 2024 10:04

යූ.පී.අයි ගෙවීම් පද්ධතිය හෙට ශ්‍රී ලංකාවටත් Featured

ඉන්දියාවේ ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය හෙවත් යූ.පී.අයි ගෙවීම් පද්ධතිය හෙට (12) සිට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසබ්රි මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ පද්ධතිය කොළඹ දී එළිදැක්වීමට නියමිත බව ය.

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී ඉන්දීය මාධ්‍ය නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසබ්‍රි මහතා මේ බව සඳහන් කර තිබේ.

යූ.පී.අයි ලෙස හැඳින්වෙන ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය 2016 වර්ෂයේ දී ඉන්දියානු ජාතික ගෙවීම් සංස්ථාව විසින් ක්ෂණික ගෙවීම් පද්ධතියක් ලෙස හඳුන්වා දෙනු ලැබීය.

මෙම ගෙවීම් පද්ධතිය ජංගම දුරකථන මාර්ගයෙන්, අන්තර් බැංකු සහ පුද්ගල වෙළෙඳාම් ගනුදෙනු සඳහා පහසුකම සපයනු ලබයි.

මෙමගින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමට හැකි වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය නීතිඥ අලිසබ්‍රි මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ADN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website