සිකුරාදා, 16 පෙබරවාරි 2024 08:17

Pan Asia බැංකුවට මහ බැංකුවෙන් තහනමක්.. Featured

පෑන් ඒසියා බැංකුව වෙත ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කටයුතු කිරීමට ‍ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දී තිබූ යුතු බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කර තිබේ.

මේ බව පෑන් ඒසියා බැංකුව විසින් කොළඹ කොටස් වෙළදපල වෙත දන්වා ඇත.

මෙම අත්හිටුවීම පෙබරවාරි මස 15 දෙන සිට මාස හයක කාලයකට දීර්ඝ කර ඇති බව ද ලිපියේ දැක්වෙයි.

බලපත්‍ර අත්හිටුවීම බැංකුවේ සාමාන්‍ය කටයුතු හා ද්විතීක වෙළඳපළ ගණුදෙනුවලට බලපෑමක් සිදු නොකරන බවද නිවේදනයේ සඳහන්ය.

 CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website