සිකුරාදා, 16 පෙබරවාරි 2024 08:13

ජයවර්ධනපුර කෝට්ටේ වාහන තදබදය අවසන් කරන්න පාලමක් හදනවා.. Featured

දෛනිකව විශාල රථවාහන තදබදයකට හේතුවන රාජගිරිය කොටුවේගොඩ හා බුත්ගමුව අතර පිහිටි පටු පාලම සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ නිරීක්ෂණයක ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා නිරත විය.

උදෑසන රාජකාරි වේලාව තුළ සහ සවස කාර්යාල අවසන් වන වෙලාවේදීත්, කොළඹ දෙසට ඇතුල්වීමේ දී සහ කොළඹින් පිටවීමේ දී දෛනිකව අති විශාල රථ වාහන තදබදයක් මෙම පටු පාලම හේතුවෙන් මතුවන බව අමාත්‍යවරයා මෙම අවස්ථාවේ දී නිරීක්ෂණය කළේය.

මෙම ස්ථානයේ ස්ථිර ලෙස පාලම පළල් කිරීමට හෝ නව පාලමක් ඉදිකිරීමට ප්‍රතිපාදන සම්පාදනය කරගන්නා තුරු, පවතින රථ වාහන තදබදය අවම කිරීමට රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව සතුව පවතින භාවිත කරන ලද යකඩ ඇතුළු සම්පත් යොදා ගනිමින් තාවකාලික පාලමක් මස තුනක් ඇතුළත ඉදිකිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා මෙම අවස්ථාවට එක් වූ නිලධාරින් වෙත උපදෙස් ලබා දුන්නේය.

ඒ වෙනුවෙන් නිර්මාණ දායකත්වය ලබාදීමට මාර්ග සංවර්ධන අධිකාරියටත් ඉදිකිරීම් කටයුතු සඳහා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව වෙතත් අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රද්ධා වීරකෝන් මහතා, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති කුෂාන් දේවින්ද මහතා, රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිලිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම නිරීක්ෂණය සඳහා එක්ව සිටියහ.

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website