ඉරිදා, 18 පෙබරවාරි 2024 09:48

කුළුබඩු – කෝපි ගෙන්වන්න ඩොලර් මිලියන 180ක් ගෙවලා Featured

කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම කෝපි, තේ, කොකෝවා ආනයනය කිරීම සඳහා ඉකුත් වසරේ (2023) ඇමරිකානු ඩොලර් මිලියන 180.8ක මුදලක් වැය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙකී භාණ්ඩ ආනයනය කිරීම සඳහා 2022 වසරේ වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 180කි. ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ දී පමණක් කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම කෝපි, තේ, කොකෝවා ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15.7 ක මුදලක් වැය කර ඇති බව ද මහබැංකු වාර්තාවේ සඳහන් වෙයි.

කෙසේ වුවද 2022 වසරේ දෙසැම්බර් මාසයේ මෙකී භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 16.1 මුදලක් වැය කර තිබූ අතර එයට සාපේක්ෂව 2023 වසරේ දෙසැම්බර් මාසයේ දී මේ සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 2.6කින් අඩු වී ඇති බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website