එහි දී ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයට අදාළව මෙම වසර තුළ ලැබීමට නියමිත අයවැය ප්‍රතිපාදන යටතේ ආරම්භ කිරීමට නියමිත මාර්ග සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ අතර, පසුගිය කාලය තුළ ඇති වූ වර්ෂාව සහ නයායෑම් ඇතුළු ස්වභාවික ආපදාවන් හේතුවෙන් හානියට පත් මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා ඉහළම ප්‍රමුඛතාවයක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
ඉදිරියේ දී ලෝක බැංකුව සමග පැවැත්වීමට නියමිත සාකච්ඡා වලදීද මෙම ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා විශේෂ අවධානයක් යොමු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම ප්‍රදේශයේ පොදු ප්‍රවාහන සේවාවන් නගා සිටුවීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින මානව සම්පත් ගැටලු විසඳීම සඳහා ඉදිරි සති දෙක තුළ කඩිනමින් සම්මුඛ පරීක්ෂණ පවත්වා අවශ්‍ය රියදුරන් සහ කොන්දොස්තරවරුන් කොන්ත්‍රාත් පදනම මත මෙම ප්‍රදේශයෙන්ම බඳවා ගැනීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම දිස්ත්‍රික්කයේ ඩිපෝවල පවතින බස් රථ හිඟයටද කඩිනම් විසඳුම් මෙම වසර තුළ ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
විශේෂයෙන්ම දුම්රිය සේවයට විශාල ආදායමක් ලබාදෙන ඇල්ල සංචාරක කලාපය තුළ නව ආයෝජන අවස්ථාවන් සඳහා දුම්රිය සතු ඉඩම් පෞද්ගලික අංශයට දිගුකාලීන බදු පදනම මත ලබාදීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය සංවර්ධනය තුළින් රටට ලැබෙන විදේශ විනිමය මේ අවස්ථාවේ විශාල ශක්තියක් වන බැවින් සංචාරක ව්‍යාපාරය සංවර්ධනයට අමාත්‍යාංශය සහ දුන් දෙපාර්තමේන්තුව මගින් ලබාදිය හැකි ඕනෑම උපකාරයක් ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.
එමෙන්ම මාර්ග විශාල ප්‍රමාණයක් ඉතාමත් අබලන්ව පවතින බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග නවීකරණය සඳහා ඉල්ලීම් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වී ඇති බවත් ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම සාර්ථක කර ගැනීමෙන් අනතුරුව ඉහළම ප්‍රමුඛතාවයක් ලබා දෙමින් එම ව්‍යාපෘති සියල්ල නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
එමෙන්ම අනෙකුත් අමාත්‍යංශ යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති, යෝජනා ඇතුළු කරුණු රැසක් මෙහි දී සාකච්ඡාවට යොමු විය.
CN