සදුදා, 19 පෙබරවාරි 2024 09:36

පඩි ගෙවන්නත් සල්ලි නෑ.. රූපවාහිනිය, ගුවන් විදුලිය සමාගමක් කරයි.. Featured

ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඒකාබද්ධ කර රාජ්‍ය සමාගමක් බිහිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

අමාත්‍ය මණ්ඩලය මම තීරණය ගෙන ඇත්තේ රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව විසින් ලබා දුන් නිර්දේශ මතයි.

රූපවාහිනි නිසා සංස්ථාව රුපියල් මිලියන 1300ක් හා ගුවන් විදුලි සංස්ථාව රුපියල් මිලියන 800 ක් මේ වන විට ණය ගෙවීමට සිදුව ඇත.

මෙම ආයතනවල මාසික විදුලි ගාස්තුව රුපියල් මිලියන 60ක් පමණ වන අතර වැටුප් සඳහා රුපියල් මිලියන 100ක් පමණ වැය වෙයි.

මේ සඳහා අවශ්‍ය අරමුදල් සොයාගැනීමට මෙම ආයතන වලට අසීරැ වී ඇති නිසා මෙම මෙසේ ප්‍රතිව්‍යුහගත කොට ඒකාබද්ධ රාජ්‍ය සමාගමක් බවට පත්කිරීමට තීන්දු කර තිබේ.

දැනට මෙම ආයතන දෙකේ සේවක සංඛ්‍යාව 1100ක් පමණ වෙයි.

CN

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website