සදුදා, 04 මාර්තු 2024 07:23

අද රාත්‍රියේ ඉන්ධන ගාස්තු සංශෝධනයක් - ජනපතිගෙන් විශේෂ ගැසට්ටුවකුත් Featured

අද (04) රාත්‍රියේ ඉන්ධන මිල ගණන් සංශෝධනයක් සිදුවනු ඇති බව වාර්තා වේ.

පෙබරවාරි මස අග දී මිල සංශෝධනයක් සිදුවිය යුතු වුවද එය අද දිනයේ දී සිදුවනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.

කෙසේවෙතත් අද දිනයේ දී ඉන්ධන මිලෙහි විශාල වෙනසක් සිදුනොවනු ඇති බව ද වාර්තා වේ.

ඉන්ධන මිල සුත්‍රයට අනුව මාසිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව අවසන් වරට පසුගිය ජනවාරි මස 31 වන දා ඉන්ධන මිල ගණන් සංශෝධනය වු අතර ඔක්ට්‍රේන් 92 පෙට්‍රල්, ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළ ගියේය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ඊයේ (03)දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව සඳහන්ය.

මේ අතර ඉන්ධන බෙදුම්කරුවන්ගේ මාසික වට්ටම් මුදලින් සියයට 35ක පරිහරණ ගාස්තුවක් අයකර ගැනීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද සිට කටයුතු කිරීමට නියමිත බව ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය චෝදනා කරයි.

එමඟින් බෙදාහැරීමේ කටයුතු සඳහා දෛනිකව දරණ වියදම් අවරණය කරගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදාවන බව එම සංගමයේ සභාපති ශෙල්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

ADN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website