අඟහරුවාදා, 05 මාර්තු 2024 08:07

පෙට්‍රල් ඔක්ටේන් 95 රු. 9කින් සුපිරි ඩීසල් රු. 10කින් භූමිතෙල් රු. 5කින් මිල පහළ බසී Featured

පෙට්‍රල් ඔක්ටේන් 95 රු. 9කින් සුපිරි ඩීසල් රු. 10කින් භූමිතෙල් රු. 5කින් මිල පහළ බසී

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඊයේ(04) මධ්‍යම රාත්‍රී 12.00 සිට සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. ඒ අනුව නව මිල දර්ශනය මෙසේය. ලංකා ෙපට්‍රල් ඔක්ටේන් 95 රුපියල් 456ක්ව පැවැති අතර එහි මිල රුපියල් නමයකින් පහත දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 447කි. ලංකා සුපිරි ඩීසල් රුපියල් 468ක්ව පැවැති අතර එහි මිල රුපියල් දහයකින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 458කි. ලංකා භූමිතෙල් මිල රුපියල් 262ක්ව පැවැති අතර එහි මිල රුපියල් පහකින් දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 257කි. ලංකා ෙපට්‍රල් ඔක්ටේන් 92 රුපියල් රුපියල් 371ක්ව පැවැති අතර එහි මිල නොවෙනස්ව පවතී. ලංකා සුදු ඩීසල් මිල රුපියල් 363ක්ව පැවැති අතර එහි මිලද නොවෙනස්ව පවතී.

රක්ෂණ ශ්‍රියන්ත

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website