සෙනසුරාදා, 09 මාර්තු 2024 08:27

ජන­වාරි අග වන විට දළ නිල සංචිත ඩොලර් මිලි­යන 4,500ක් Featured

මෙරට දළ නිල සංචිත ප්‍රමා­ණය පසු­ගිය ජන­වාරි මාසයේ අව­සා­නය වන විට එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 4,500ක් දක්වා වර්ධ­නය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පව­සයි.

මේ නිල සංචිත වත්කම් තුළ චීන මහ­ජන බැංකු­වෙන් ලද ඩොලර් බිලි­යන 1.4ක අග­ය­කට සමාන විනි­මය හුව­මාරු පහ­සු­ක­මද අන්ත­ර්ගත වෙයි.

මේ අතර පසු­ගිය දා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පාර්ලි­මේ­න්තුව අම­ත­මින් පැව­සුවේ, මේ වන විට භාවිත කළ හැකි විදේශ විනි­මය සංචිත ප්‍රමා­ණය ඩොලර් බිලි­යන 3 සීමාව ඉක්මවා ඇති බවයි. “2022 වසරේ අප්‍රේල් මස මැද භාගයේ දී ඇමෙ­රි­කානු ඩොලර් මිලි­යන 20 ට වඩා අඩු අග­යක පැවැති, භාවිතා කළ හැකි විදේශ විනි­මය සංචිත ප්‍රමා­ණය ඇමෙ­රි­කානු ඩොලර් බිලි­යන 3 කට වඩා වැඩි අග­ය­කට ඉහළ නැංවී තියෙ­නවා” යනු­වෙන් ජනා­ධි­ප­ති­ව­රයා එහිදී පැව­සීය.

මහ බැංකුව විසින් ශුද්ධ පද­නම මත දේශීය විදේ­ශීය විනි­මය වෙළෙ­ඳ­පො­ළෙන් සැල­කිය යුතු ලෙස විදේශ විනි­මය මිල දී ගැනීම දළ නිල සංචිත ඉහළ යෑමට ප්‍රධාන හෙතුව බව මහ බැංකුව පෙන්වා දෙයි. සම­ස්ත­යක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ ජන­වාරි මාස­යේදී ශුද්ධ පද­නම මත එක්සත් ජන­පද ඩොලර් මිලි­යන 245ක් පමණ මිල දී ගෙන ඇත.

DMN

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website