පසුගිය 2023 වසරේ ජනවාරි මාසයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 437ක් ලෙස වාර්තා වූ නමුත්, මෙවසරේ ජනවාරියේදී එය 11.4%ක වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. පසුගිය 2022 වසරේ කැපී පෙනෙන යථාවත් වීමක් වාර්තා කිරීමෙන් පසු විටින් විට සිදු වන උච්චාවචනයන් නොතකා, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පුළුල් පදනමකින් ඉහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වා දෙයි.
DMN