ඉරිදා, 10 මාර්තු 2024 13:30

මහ බැංකුව යළිත් වරක් තමන්ටම බෙදාගෙන… Featured

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් විශාල ලෙස වැටුප් වර්ධක ලබාගෙන ඇතැයි බරපතළ චෝදනාවක් එල්ල වී තිබියදී මහ බැංකු සේවකයන් සෙසු රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට වඩා අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබාගෙන ඇතැයි වෘත්තිය සංගම් චෝදනා කරයි.

 ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්ට 2023 වසරේ (පසුගිය වසරේ) සේවක අර්ථසාධක අරමුදලේ (EPF) ප්‍රතිලාභ ලෙස සියයට දහනවයයි දශම පහක (19.5%) පොලියක් ගෙවා ඇත.

එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුවේම පාලනයේ ඇති සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ට හා පෞද්ගලික අංශයට අදාළ EPF (සේවක අර්ථසාධක අරමුදලේ) ප්‍රතිලාභ ලෙස ගෙවා ඇත්තේ සියයට නවයක (9%) පොලියක් පමණි.

සාමාන්‍ය සේවකයන්ට 9% ක පොලියක් ගෙවද්දී මෙලෙස මහ බැංකු සේවකයන්ට පමණක් 19.5% ක පොලියක් ගෙවීම බලවත් අසාධාරණයක් බව වෘත්තිය සංගම් ප්‍රකාශ කරයි.

ඒ අතර වෘත්තිය සංගම් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ ගෙවී ගිය 2022 වසරේ සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලෙස මහ බැංකු සේවකයන් 29.37% ක ඉහළ පොලියක් ලබාගනිද්දී සාමාන්‍ය රාජ්‍ය පෞද්ගලික අංශවල සේවකයන්ට ගෙවන ලද්දේ 9% ක ප්‍රතිලාභයක් බවය.

– Deshaya

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website