බ්‍රහස්පතින්දා, 14 මාර්තු 2024 10:23

එන සතියේ සිට 8 ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට කෘතිම බුද්ධිය.. Featured

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ‍වෙනස්කම් සිදු කරන විට නවීන තාක්ෂණික දැනුම දරුවන්ට ලබාදීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත්, විශේෂයෙන්ම නැනෝ තාක්ෂණය,

ජෛව තාක්ෂණය, ජාන තාක්ෂණය, කෘතිම බුද්ධිය වැනි විෂය ධාරාවන් ඉතා කෙටි කාලයක් තුළ අධ්‍යාපන පද්ධතියට හඳුන්වාදීමේ අභියෝගයට අප කෙසේ හෝ මුහුණ දිය යුතු බවත්, කවර බාධක පැමිණියත් අනාගත වැඩලෝකයට අපේ දරුවන් සූදානම් කිරීම අතපසු කළ නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ‍වෙනස්කම් සිදු කරන විට නවීන තාක්ෂණික දැනුම දරුවන්ට ලබාදීම අත්‍යවශ්‍ය කටයුත්තක් බවත්, විශේෂයෙන්ම නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, ජාන තාක්ෂණය, කෘතිම බුද්ධිය වැනි විෂය ධාරාවන් ඉතා කෙටි කාලයක් තුළ අධ්‍යාපන පද්ධතියට හඳුන්වාදීමේ අභියෝගයට අප කෙසේ හෝ මුහුණ දිය යුතු බවත්, කවර බාධක පැමිණියත් අනාගත වැඩලෝකයට අපේ දරුවන් සූදානම් කිරීම අතපසු කළ නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය ද ‍නව තාක්ෂණය සමග තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ද, මේ වනවිටත් ජාත්‍යන්තරය සමග එක්වෙමින් පර්යේෂණ, පශ්චාත් උපාධි ඇතුළු ඉගෙනුම් අවස්ථා සිසුන්ට අත්පත් කර ගත හැකි අයුරින් පුළුල් කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළ අමාත්‍යවරයා, සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය නව තාක්ෂණය සමඟ එක් කළ යුතු බවද අවධාරණය කළේය.

එමෙන්ම මෙරට සියලු‍ ගුරුවරුන්ට ද නවීන තාක්ෂණය සමග බද්ධ වෙමින් පන්ති කාමරය තුළ පාඩම් සැලසුම් කර ගැනීමට ඉදිරියේ දී සිදුවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් ගුරුවරුන් පුහුණු කිරීමට කලාප මට්ටමින් මධ්‍යස්ථාන සියයක් පිහිටුවීමට දැනටමත් කටයුතු යොදා ඇති බව ද පැවසී ය.

මේ වන විටත් එම මධ්‍යස්ථාන 85 ක් ඩිජිටල්කරණයට ලක් කර ඇති බවද ඉදිරි මාස තුන ඇතුළත ඉතිරි මධ්‍යස්ථාන සියල්ල ඩිජිටල් කරණයට ලක් කරන බව ද පැවසූ අමාත්‍යවරයා, මානව සම්පත් සහ භෞතික සම්පත් පවතින ප්‍රමාණයෙන් කළමනාකරණය කර ගනිමින් පාසල් පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යාමට විදුහල්පතිවරුන්ගේ නායකත්ව සහ කළමනාකරණ හැකියාවන් අත්‍යවශ්‍ය වන බව වැඩිදුරටත් සඳහන් කළේය.

ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ සියවස් සැමරුම නිමිත්තෙන් මුල් දින කවරයක් සහ සමරු මුද්දරයක් නිකුත් කිරීමද මෙහිදී සිදුවිය.

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website